විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සාහයක

විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සාහයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

කෙසේ වෙතත් බැංකුවේ කළමනාකාරවරයා පාර්ලිමේන්තුවේ මෙම විවාදය තිබෙන හෙයින් මුදල් නිදහස් කිරීමට ඉහළින් උපදෙස් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකෙ පුද්ගලයකු අද රටේ නෑ. තවත් කල් මැරීම තුළ වෙන්නේ මොකක්ද. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඔබතුමා දැන් මේ නඩුවට ඇතුළු වෙන්න ඕන. ඒ අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න ඔබතුමා මැදිහත් වෙන්න ඕන. මම ඔබතුමාට ඒක ඊයේ කිවුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මේක බලු වැඩක්. මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා. දැන් ජනාධිපතිතුමාට දුරකතන පණිවුඩයක් දීලා මේක කියන්න ඕන.

රොෂාන් රණසිංහ මහතා;

අද ලේකම් නැහැ. ඩොලර් මිලියන දෙකක් ගන්න අනුමැතිය ගැනීම ප්‍රශ්නයක්.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )