මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක්

මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක්

මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්‍රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

එක හුදකලා සිද්ධියක් හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය ගැන සැකයක් ඇති කර නොගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ අමාත්‍යවරයා ඊයේ සිද්ධිය ගැන අධිකරණ ක්ෂේත්‍රයද හිත් රිදවීමක් ඇති කරගැනීමට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෙතන ගැටුමක් නැතැයිද ඔහු කීවේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මෙතන ගැටුමක් නෑ.
එහෙම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව ඊයේ පක්ෂ භේදයෙන් තොරව තීරණයක් ගත්තා. මහජන මතයට එකඟ වෙන්න. ඊයේ පාර්ලිමේන්තුවේ පිළිඹිබු වුණේ මහජන මතය.

එක් අධිකරණයක් දුන් නියෝගයක් පිළිබඳව යම් මතයක් තිබෙනවා. මේක විධායකය හා අධිකරණය අතර ගැටුමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අද මෙම යෝජනාව මහජන මතය ප්‍රබල ආකාරයට පෙන්නුම් කිරීමක්.

ඒ හුදකලා සිද්ධිය ගැන අධිකරණය ගැන මේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. නීති ක්ෂේත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේක අළු යට ගිණි පුපුරක් සේ කතා වෙමින් තිබුණු කාරණයක්. ඒක තමයි ඊය පුපුරලා ගියේ. නමුත් ඒ කතාව සන්නිවේදනය වුණු ආකාරය අනුව
බොහෝ විනිසුරුවරුන් නීතිඥ අපහසුතාවයකට පත්වෙලා සිටිනවා.

මහජන මතයට ගරු කිරීමට ඕනෑම ආයතනයක අය බැඳී සිටිනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )