ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

එහිදී පක්ෂයේ බොහෝ පිරිසකගේ මතය වී ඇත්තේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තනිවම තරග කිරීම සුදුසු බවය.

එහෙත් ඉදිරියේ දී මෙම තත්වයන් වෙනස් විය හැකි බව ද පොදුජන පෙරමුණේ ඇතැම් නියෝජිතයින්ගේ මතය වී තිබේ.

එමෙන්ම පසුගිය දා පැවති මෙම විධායක සභාවේ දී මහමැතිවරණයේ දී පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබදව ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බව සදහන් වේ.

එහිදී ද මත දෙකක් නිර්මාණය වී ඇති අතර බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ ඔවුන් යළි සම්බන්ධ කර ගැනීම සුදුසු බවය.

එහෙත් තවත් පිරිසක් ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වා ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )