සජිත් ක්‍රිකට් ලොක්කන් පතුරු ගහයි

සජිත් ක්‍රිකට් ලොක්කන් පතුරු ගහයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවසීය.

ක්‍රිකට් සල්ලිවලට පොකට් ගහන යුගය නිමා කිරීමට පාර්ලිමේන්තුවේ 225 ම එකාවන්ව පෙරමුණ ගත යුතු බව පැවසූ විපක්ෂනායකවරයා ගජමිතුරු කල්ලි,පාතාලය,කුඩු කුඩුකාරයන් එකතු කරගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව නැවැත්විය යුතු බවද සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙනම මන්ත්‍රී සංසදයක් නිර්මාණය කරගත යුතු බවද ඔහු පැවසුවේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )