නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගම විෂය රාමුවෙන් පිටතට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගම විෂය රාමුවෙන් පිටතට

රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය පැවසීය.

ඉන්පසු දරුවන්ට තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මේබව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

එමෙන්ම වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනය මෙන්ම සෞන්දර්යය විෂයන් කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව ඇය පවසයි.

නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවී ඇති අතර විධිමත් සැළැස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )