
මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කෙරේ
මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
එම ඝාතන සිදුකර ඇත්තේ ද ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බවටයි සැක කරන්නේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදීයි මෙම ඝාතන සිදු ඇත්තේ.
20 හැවිරිදි එම යුවළගේ පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී තිබෙනවා.
