කොළඹ වරාය නගරයේ නාඳුනන මළ සිරුරක්

කොළඹ වරාය නගරයේ නාඳුනන මළ සිරුරක්

කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු ව තිබේ.

ඊයේ (23) දහවල් කාලයේ මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේ, මියගොස් සිටින පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් කහවුරු වී නොමැති බවයි.

මෙම පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසක පසු වන පුද්ගලයකු වන අතර, උස අඩි 5යි අඟල් 8ක් බව සඳහන්ය.

ඔහු අවසන් වරට ඇඳ සිට ඇත්තේ, නිල් පැහැති දිග ඩෙනිම් කලිසමකි.

මේ වන විට සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )