වැරදි පාරක් පෙන්නුවාට Google සමාගමට නඩු

වැරදි පාරක් පෙන්නුවාට Google සමාගමට නඩු

Google සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමින් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් Google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය සැමියා ගමන් කරමින් සිටි මාර්ගයේ තිබූ අවදානම් ස්ථානයක් සම්බන්ධයෙන් Google සිතියම යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් ඇයගේ සැමියාට ජීවිතය අහිමි වු බවටයි ඇය චෝදනා කර ඇත්තේ.

පිලිප් පැක්ස්සන් මෙලෙස මියගොස් තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත එන අතරතුර දී බවත් සිය සැමියා පැමිණි මාර්ගය ඔහුට එතරම් හුරු පුරුදු නොමැති බැවින් ඔහු Google සිතියමේ මග පෙන්වීම අනුව සිය රථය ධාවනය කර ඇති බවත් පිලිප් ගේ බිරිඳ පවසා ඇත්තේ.

ඔහු එම මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලුනු බවත් ඇඳිරි වැටි තිබු බැවින් මාර්ගය පැහැදිලිව නොපෙනී ඇති බවත් සඳහන් වෙයි.

Google සිතියමේ මගපෙන්වීම අනුව ඔහු පාලමකින් ගමන් කර ඇති නමුත් එය කඩා වැටි තිබු බැවින් පිලිප් පැක්ස්සන් රථය සමඟ ඇළකට ඇදවැටි දියේ ගිලී මිය ගොස් තිබුණි.

මෙම පාලම කඩා වැටී ඇත්තේ වසර 09යට පෙර බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

සිය සැමියා මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Google සිතිමේ මේ බව යාවත්කාලීන කර නොතිබූ නිසා බව පවසමින් ඒ අනුව පිලිප් ගේ බිරිඳ ගූගල් සමාගමට චෝදනා කරමින් නඩු පවරා ඇති බව සඳහන්.

මෙම චෝදනා සම්බන්ධයෙන් Google සමාගම පවසා ඇත්තේ අදාළ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )