තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද‍

තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද‍

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි.

ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,053ක් බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේය.

ලැබී ඇති සමස්ත පැමිණිලි 3,053න් 2,491ක් මේ වන විටත් නිරාකරණය කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )