හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

==
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී මෙලෙස පැමිණීමට නියමිතව ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )