පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණයක්

පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණයක්

ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත පාස්කු මංගල්‍යය නිමිත්තෙන් සියලුම කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව ක්‍රියාකරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

මේ හැර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මෙන්ම කොළඹ අගරදගුරු මැඳුරට ද ආරක්ෂාව ලබාදෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවෙන මොහොතේ එම ප්‍රහාරයෙන් ජීවතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ද එම දෙව් මැඳුරුවල විශේෂ යැදුම් සිදුකෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )