නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි

නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්විය.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණි.

මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි.

නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )