පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.

එම පිරිසට සමගි ජන බලවේගය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළත් වේ.

මෙලෙස දිවුරුම් දී ඇත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරි පත්වූ සුජීව සේනසිංහ, මොහමඩ් නිසාම් කාරියප්පර්, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ය.

තවද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පෙත්වූ මොහොමඩ් ෆයිසර් මුස්තාෆා මහතාද අද අභිනව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )