IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

“අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට් එක අඩුකරන්න ඕනේ. වැට් එක අඩුකරනවා. ඒක අඩුකරන්න පුළුවන් කාටද? ඒක මුදල් පනතක්. එතුමා අපේ අගමැතිනිට ටියුෂන් දෙන්නත් හැදුවානේ. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා.”

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )