නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය.

ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

06. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )