ශ්‍රී ලංකාවට එක් දින තරගාවලියේ ජය

ශ්‍රී ලංකාවට එක් දින තරගාවලියේ ජය

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.චරිත් අසලංක නොදැවී 62,නිෂාන් මධුසංඛ සහ සධීර සමරවික්‍රම 38 බැගින් ලකුණු ලබා ගත්හ.ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය 2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )