
මගේ රටට මට යන්න බැහැ
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රතිවාදී විරෝධතාකරුවන් විසින් පොලු සහ උණ බම්බු ප්‍රහාරයක් එල්ලවී තිබේ. ශකීබ් අල් හසන් ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණය කර තිබේ. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඉරිදා දිනයේය. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පැවසුවේ විරෝධතාකරුවන් ශකීබ්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටි බවයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කමිසවලින් සැරසී සිටි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රතිවාදී විරෝධතාකරුවන් පහර දීමෙන් පසු විසිර ගොස් තිබේ. මේ ගැටුම පාලනයට හමුදාව කැඳවීමට සිදුව තිබේ.
හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ශකීබ් අල් හසන් කටයුතු කරයි. මේ නිසා විපක්ෂ කණ්ඩායම් ඔහු යලි කණ්ඩායමට ඇතුළත් කර නොගත යුතු බව පවසති.
පසුගිය ජුලි මාසයේ විරෝධතා ආරම්භ වූදා සිට හිටපු බංග්ලාදේශ නායකයා සිය මවුරටට පැමිණ නැති අතර නැවත පැමිණීමේදී ඔහුට හිරිහැරයක් සිදු නොවන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහතික වී තිබූ අතර පසුගියදා ආරම්භ වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ඔහු සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, 37 හැවිරිදි ශකීබ් අල් හසන් නැවත පැමිණීමට විරුද්ධ වූ රසිකයන් එරට විරෝධතා දියත් කර තිබිණි. ඒ නිසා ඔහු තරගාවලියෙන් ඉවත්විය.
“මම ආපසු ගෙදර යාමට නියමිතව සිටියෙමි… නමුත් දැන් මම හිතන්නේ මට එය කළ නොහැකියි” “එය ආරක්ෂක ප්‍රශ්නයක් මත, මගේම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.” යනුවෙන් ෂකීබ් පවසා තිබේ.
චතුර පමුණුව