ප්‍රභූ ආරක්‍ෂකයන් කඩේ යැව්වොත් වැඩ වරදියි

ප්‍රභූ ආරක්‍ෂකයන් කඩේ යැව්වොත් වැඩ වරදියි

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් භාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ දැනුම් දීමක් කර ඇත.

ප්‍රභූ ආරක්‍ෂකයන් එසේ වෙනත් කටයුතුවල යෙදුණහොත් එම නිලධාරියාට මෙන්ම ඔහු අධීක්‍ෂණ කරනු ලබන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද පොලිස්පතිවරයා දන්වා සිටියි.

පසුගිය අවධියේදී ඇමැති ආරක්‍ෂක අංශවල ඇතැම් නිලධාරීන් කඩේයෑමටත්, බල්ලන් නෑවීමටත්, පොළේ යෑමටත්, දරුවන් පාසල් සිට නිවෙස්වලට රැගෙන යෑමටත් කටයුතු කර තිබූ බව පොලිස් මූලස්ථානය කියයි.

නෝමන් පලිහවඩන

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )