ජනතාව ජිවත් කරවීමේ වගකීම  තමන් භාරගන්නා බව ජනපති කියයි

ජනතාව ජිවත් කරවීමේ වගකීම තමන් භාරගන්නා බව ජනපති කියයි

පැවති ආර්ථික අභියෝග හමුවේ  ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හා සෙසු පහසුකම් සලසමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම තමා ඉටු කරන බව ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

නාරම්මල ප්‍ර දේශයේ ඊයේ පැවති රනිල්ට පුළුවන් ජනරැළිය අමතමින් ජනාධීපතිවරයා පැවසුවේ රට ගොඩනැඟිමේ අභියෝගයට තමා සාර්ථකව මුහුණදුන් බවයි.

ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී සොයා ගැනිමට නොහැකි වු සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර යන මහත්වරුන්ට අනාගතය භාරදීමට ජනතාව සූදානම් නැත.

ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට එක් වූ පිරිසට රටේ අනාගතය ගොඩනැඟිමේ ශක්තිය ඇතැයි ජනාධීපතිවරයා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )