ඉන්ධන අර්බුදය නිසා අපි මෙවර කොළඹට ලක්‍ෂ ගණනක් ගේන්නෑ

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පෙළපාළි සහ රැලි 21 ක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පසුගිය වසරේ මැයි දින රැළිය කොළඹ ගාලු මෝදර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්වූ බව සිහිපත් කළ ප්‍රධාන ලේකම්වරයා, මෙවර එම තීරණය වෙනස් කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කළේය.

ලොව පුරා පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමට සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා රජයට සහාය දැක්වීමේ අරමුණින්, මෙවර මැයි දින සැමරුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් විසිරී යන පරිදි සංවිධානය කිරීමට තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙමගින් ජනතාවට දුර බැහැර සිට කොළඹට පැමිණීමට සිදුවන ඉන්ධන වැයවීම පාලනය වන බව ජාතික ජන බලවේගයේ විශ්වාසයයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )