ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ජපානය බලා විදේශගත වීමට නියමිත 62 වන පුහුණුලාභී කණ්ඩායම සඳහා අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (22) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

මෙම පුහුණුලාභීන් පිරිස ඊයේ (22) දින ජපානය බලා විදේශගත වීමට නියමිතයි. 2018 වර්ෂයේ සිට මේ දක්වා තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභී වැඩසටහන යටතේ සාත්තු සේවා, ඉදිකිරීම්, නිශ්පාදන, කෘෂිකර්ම, මෝටර් රථ කාර්මික නඩත්තු සේවා සහ වනවගා යන ක්ෂේත්‍ර යටතේ පුහුණු ලාභීන් 667 ක් ජපානය බලා විදේශ ගත වී ඇති අතර, 2025 වර්ෂය තුලදී පුහුණු ලාභීන් 144 ක් ජපානය බලා විදේශගත වී තිබෙනවා.

මෙම වසරේ ජපානය බලා විදේශගත වන 04 වන කණ්ඩායම ඊයේ (22) දින ජපානය බලා විදේශගත වන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 03ක්, නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා 08 ක්, මෝටර් රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රය සඳහා 01 ක් ලෙස පුහුණුලාභීන් 12 ක් මෙම කණ්ඩායමට ඇතුළත්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )