චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට

චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම චීන ජාතිකයන් පිරිස අද අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා පාවිච්චි කළ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් සඟවා ගෙන ගෙනැවිත් ඇත.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස සිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )