බීමත් රියදුරන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

බීමත් රියදුරන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

උත්සව සමය තුළ බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර ප්‍රකාශ කළේය.

කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, උත්සව සමයේ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවයි.

එසේම, මෙම කාලය තුළ සිදුවන සුළුම රිය අනතුරක් වුවද, අදාළ රියදුරන් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය පරීක්ෂා කිරීම සඳහා යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )