දිවයිනටම ඉන්ධන ගැන සුබ ආරංචියක්

දිවයිනටම ඉන්ධන ගැන සුබ ආරංචියක්

ලබන මාසයේ මැද දක්වා කිසිදු හිඟයකින් තොරව ඉන්ධන ලබාදිමේ හැකියාව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන්ධන තොග ලැබෙමින් පවතින බවයි.

ඊට අමතරව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කර්මාන්ත සඳහා මහා පරිමාණයෙන් ලබාගන්නා ඉන්ධන කිසිඳු ගැටලුවකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලබාගත හැකි බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )