
සාරා සම්මූන් ශ්‍රී ලංකාව සඳහා වන IMC ක්ෂේත්‍ර නිලධාරිනිය ලෙස පත් කෙරේ
ආයෝජන සංක්‍රමණ සහතිකය (Certification in Investment Migration) හිමිකරගත් ප්‍රථමයා ලෙස 2025 දී මෙරටට කීර්;sයක් අත්කර දුන් සාරා සම්මූන් මහත්මිය, ආයෝජන සංක්‍රමණ සභාවේ (Investment Migration Council – IMC) ශ්‍රී ලංකාව සඳහා වන ක්ෂේත්‍ර නිලධාරිනිය ලෙස පත් කර ඇත. ස්විට්සර්ලන්තය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආයෝජන සංක්‍රමණ සභාව යනු ආයෝජන සංක්‍රමණ සඳහා ප්‍රමිතීන් සකසන ගෝලීය ආයතනයකි.
2025 දෙසැම්බර් මාසයේදී IMC විසින් නිවේදනය කරන ලද මෙම පත්වීම, ශ්‍රී ලංකාව සිය ආගමන විගමන සහ ආයෝජක වීසා ප්‍රතිසංස්කරණට අවධානය යොමු කර සිටින වත්මන් සන්ර්දභය තුළ ඉතා වැදගත්ය. ගෝලීය ආයෝජන සංක්‍රමණ පද්ධතිය සමඟ මෙරට ඒකාබද්ධ වීමේ වැදගත් පියවරක් එමගින් සනිටුහන් වෙයි.
සහතික කිරීමේ ක්‍රියාවලිය මඟින් පුද්ගල විශේෂඥතා අගය කෙරෙන නමුත්, IMC ක්ෂේත්‍ර නිලධාරී භූමිකාව ආයතනික ස්වභාවයක් ගන්නා අතර, එමගින් ගෝලීය ප්‍රමිතීන් සහ දේශීය ක්‍රියාත්මක කිරීම් අතර සම්බන්ධතාවය ශක්තිමත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන සංක්‍රමණ ක්ෂේත්‍රය තුළ සදාචාරාත්මක, විනිවිදභාවයෙන් යුත් සහ වෘත්තීයමය වශයෙන් නියාමනය කරන ලද භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, අනුකූලතාව, නිසි විමසිල්ල සහ ආයෝජක ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් රාමු සමඟ දේශීය ක්‍රියාපටිපාටි පෙළගැස්වීම සඳහා සහාය වීම මෙහි අරමුණ වේ.
ගෝලීය සංචරණය පිළිබඳ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති සම්මූන් මහත්මිය, රටවල් 25කට වැඩි ප්‍රමාණයක ආයෝජකයින්ට උපදෙස් දෙන Magellan Champlain (M|C) ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වේ.
තම පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය :
“ශ්‍රී ලංකාව දැන් ගෝලීය ආයෝජකයින් සහ දක්ෂතා ඇති පුද්ගලයින් ඉදිරියේ පෙනී සිටින ආකාරය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. අපට කළ යුත්තේ හුදෙක් උනන්දුව ඇති කිරීම පමණක් නොව, විශ්වසනීය, ස්ථාවර සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පද්ධති ගොඩනැගීමයි.”
ශ්‍රී ලංකාවේ ආයෝජක වීසා ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ දිගුකාලීන පදිංචිය සඳහා අවසර දීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නියාමනය, පැහැදිලිත්වය සහ ගෝලීය මට්ටමේ ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. එවැනි පසුබිමක, IMC ක්ෂේත්‍ර නිලධාරියෙකු සිටීම හරහා ගෝලීය ප්‍රමිතීගත ආයතනය සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අවස්ථාව උදාවෙයි.
සංක්‍රමණ ප්‍රාග්ධනය සහ කුසලතා කෙරෙහි ගෝලීය අවධානය වැඩිවෙමින් පවතින වර්තමානයේ, IMC ක්ෂේත්‍ර නිලධාරිනියක් මෙරට සිටීම උපකාරී වශයෙන් වැදගත් වේ.
IMC ආයතනය රජයන් සහ නියාමකයින් සමඟ එක්ව ආයෝජනය මත පුරවැසිභාවය සහ පදිංචිය ලබා දීමේ වැඩසටහන් වල විනිවිදභාවය, වගකීම් සහගතභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරයි. මෙම පත්වීම මඟින් මෙරට ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු ගෝලීය රාමුවක් තුළ රඳවා ගැනීමටත්, එමගින් ආයෝජක විශ්වාසය සහ ආයතනික විශ්වසනීයත්වය තහවුරු කිරීමටත් අවස්ථාව සැලසේ.
