දිනය වෙනස් කරන්න අලුත් ගැස­ට්ටු­වක්

දිනය වෙනස් කරන්න අලුත් ගැස­ට්ටු­වක්

ජාතික පාසල් සඳහා ගුරු­වරු බඳවා ගැනී­මට අදාළ නඩු තීන්දුවේ සඳ­හන් දිනය වෙනස් කිරීම සම්බ­න්ධව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සලකා බලා අලුත් ගැසට්ටුවක් නිකුත් කරනු ඇතැයි විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (17) කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. විශාල පිරි­ස­කගේ ඉල්ලී­මක් තිබෙ­නවා එම දිනය පිළි­බඳ සලකා බලන්න යැයි ද හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

“නඩු තීන්දු­වක් තියෙ­නවා. නඩු තීන්දුවේ දින­යක් සඳ­හන් වෙලා තිබුණා. ඒ අනුව තමයි මුලින් ගැසට් එක නිකුත් වුණේ. ඒක වෙනස් කිරීම සඳහා වූ යෝජ­නා­වක් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙන් ඉදි­රි­පත් වෙලා තිබෙ­නවා. ඉදි­රියේ දී අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යෙන් ඒ පිළි­බඳ ක්‍රියා­මාර්ග ගනී. ඒක තමයි නඩු තීන්දුවේ තිබුණ දිනය.

නඩු තීන්දු­වෙන් නිශ්චි­තව පැහැ­දි­ලිව කියලා තිබුණා. ඒ අනුව තමයි ගැසට් එක පසු­ගිය ජූනි 30ට පෙර ගහලා තිබුණේ. නමුත් විශාල පිරි­ස­කගේ ඉල්ලී­මක් තිබුණා. ඉල්ලීම අනුව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සලකා බල­නවා. බලලා ඒ ගැන තීර­ණය අර­ගෙන අලු­තෙන් ගැසට් එකක් නිකුත් කරයි.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )