
උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයට අයදුම්පත් කැඳවේ
ජාතික හා පළාත් පාසල් පද්ධතිය තුළ පවතින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වෙන වෙනම ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇත. ඒ ඉකුත් 02 දාය.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම අද (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතී.
රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම් කළ හැක්කේද මාර්ගගත ක්‍රමය ඔස්සේය. පෙබරවාරි මස 20 වන දින පෙ.ව 9.00 ඒ සඳහා අවස්ථාව උදාවන අතර එය මාර්තු මස 5 වන දින ප.ව 9.00ට අවසන් වේ.
2023 පෙබරවාරි 10 වැනිදාට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
ඊට අමතරව 2023 පෙබරවාරි 10 වැනිදාට අයදුම් කිරීමට සුදුසුකම් නොලබන, එහෙත් එදිනට වයස අවුරුදු 40 නොඉක්ම වූ අය අතරින් එදිනට පසු හා 2025.06.30 දිනට පෙර උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව සිටිය ද, මේ වන විට විධිමත් අනුමැතියක් මත එම තනතුරෙන් ඉල්ලා අස් වී සිටින 2025.06.30 දිනට ප්‍රථම උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද පිරිසට ද මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව අයදුම් කළ හැකිය.
මේ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය.
අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ÒOur ServicesÓ යටතේ ඇති ÒOnline Applications – Recruitment Exams / E.B.ExamsÓ ඔස්සේ පළ කර ඇත.
සන්ධ්‍යා කරුණාරත්න
