අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්

අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්

අද උදෑසන 8 සිට පැය 48ක කාලයක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.

කෙසේ වුවත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව ද අඳාළ සංගමය දන්වා සිටියි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මඟින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය ඊයේ (22) දින දහවල් 2කට අවසන් කර තිබුණා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )