සුළි කුණාටුවෙන් නිවස සම්පූර්ණයෙන්ම නැති වූ අයට දෙන නව නිවස මෙන්න

සුළි කුණාටුවෙන් නිවස සම්පූර්ණයෙන්ම නැති වූ අයට දෙන නව නිවස මෙන්න

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ වන්දි මුදල් ලබාදීමේ සහ නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්ට අදාළව ආරම්භ වේ.

මෙම වැඩසටහන යටතේ, ආපදාව හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50 ක් රජය විසින් ප්‍රදානය කරයි.

මීට අදාළ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් 06 දින නිකුත් කරන ලදී.

මෙහිදී යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනා ගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්වචන අනුව සිදු කෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )