පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ .

පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකරන බව එහි ලේකම් නාලක කළුවැව මහතා සදහන් කරයි .

තව දුරටත් එතුමා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී තිබෙන බවයි.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබනන්නේ 29 වැනිදාය.

ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදා වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )