ආපදාවට පෙර තොරතුරු සඟවලාද.. සජබ ආයතන 5ක තොරතුරු ඉල්ලයි

ආපදාවට පෙර තොරතුරු සඟවලාද.. සජබ ආයතන 5ක තොරතුරු ඉල්ලයි

අද (11) දිනයේ සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ඇතිවූ හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයට පෙර සිදු කරන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා ආයතන 5කට ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිඛිතවම ඉල්ලුම් කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතනවලින් එම තොරතුරු ඉල්ලීම් කිරීමට නියමිතයි.

පසුගිය නොවැම්බර් 11 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා අතර කාලයේදී මෙම ආයතන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවල තොරතුරුවලට අමතරව වගකිවයුතු නිලධාරීන් සූම් මඟින් කරන ලද රැස්වීම්වල තොරතුරු වාර්තා සහ වීඩියෝ ඉල්ලා සිටීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.

රටේ දැවැන්ත ආපදාවක් සිදුවී ඇති මේ අවස්ථාවේ දී මෙම ආයතන ක්‍රියා කළ ආකාරය සහ ඊට ආණ්ඩුවේ වගකිවයුත්තන් දැක්වූ ප්‍රතිචාරය රටටම මේ අවස්ථාවේ දී දැනගැනීම වැදගත් නිසා මෙලෙස තොරතුරු ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )