
විදුලි ගාස්තු ස්ථිරවම ඉහළට
IMF වැඩසටහනේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මෙම මාසයේ අදාල විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනා ලබා දිය යුතු බවත් එය මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ 5 වන සමාලෝචනයේ කොටසක් බවත් පැවසෙයි.
ඒ අනුව විදුලි බිල 6.8%කින් වැඩි කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත මේ වනවිට භාර දී තිබේ.
මේ අතර, විදුලි ගාස්තු වැඩි කිරීම සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සිව්වන සමාලෝචනයේදී සකස් කරන ලද මිනුම් ලකුණු සීමා, ලබන නොවැම්බර් මස තක්සේරු කරන බව මූල්‍ය අරමුදල පවසා තිබේ.
එලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්ත්වය පිරිහීම, උද්ධමනය ඉහළ යෑම, බදු අවශ්‍යතා සම්පූර්ණ නොවීම හෝ ණය ගැනීමට හේතු විය හැකි බවට ද අරමුදල් බලධාරීන් රජයට අනතුරු අඟවා ඇත.