
ලෝක වෙළෙඳපොළේ රන් මිල අහස උසට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙර නොවූ විරූ අයුරින් රත්රන් ට්‍රෝයි අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් හාරදහස (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොළොස් ලක්ෂ දසදහස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දළ වශයෙන් පවුම් 4ක අගයකින් යුතු ට්‍රෝයි අවුන්සයක මිල වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇත්තේ 1970න් පසුව බව ද වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තියෙන් ලොව පුරා ව්‍යාප්ත වූ ආර්ථික සහ දේශපාලනික අවිනිශ්චිතභාවය මත ආයෝජකයන් සිය වත්කම් සුරක්ෂිත කිරීමට මහ පරිමාණයෙන් රන් මිලදී ගැනීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් මාසයේ මුල් භාගයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ රන් මිල 33%කින් ඉහළ ගොස් ඇති අතර, අය-වැය පනතට සෙනෙට් සභාවේ අනුමැතිය නොලැබීමෙන් අමෙරිකානු රජය අකර්මණය වීම ද රන් මිල ඉහළ යෑමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ වාර්තාවට අනුව ඊයේ වනවිට ලෝක වෙළෙඳපොළේ රත්රන් ට්‍රෝයි අවුන්සයක මිල ඩොලර් 4,036ක් ලෙස සටහන් වූ බව ද වාර්තා වේ.