ඉදි­රි­යේදී සියලු විද්‍යා­ පී­ඨ­ව­ලින් උපා­ධි­ධා­රීන් බිහි කර­නවා

ඉදි­රි­යේදී සියලු විද්‍යා­ පී­ඨ­ව­ලින් උපා­ධි­ධා­රීන් බිහි කර­නවා

මෙරට පිහිටි සියලු විද්‍යා ­පීඨ, උපා­ධි­ධා­රීන් බිහි කරන ආය­තන බවට පත් කරන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. රට පුරා විද්‍යා­පීඨ 20 ක් ස්ථාපිත බවත් කුලි­යා­පි­ටිය විද්‍යා­පී­ඨය මඟින් දැන­ට­මත් උපාධි පිරි­න­මන බවද අග­මැ­ති­ව­රිය පැව­සු­වාය.

ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධර්ම­ප්‍රිය විජේ­සිංහ මහතා අග­මැ­ති­ව­රි­ය­ගෙන් ප්‍රශ්න ඇසීම් වාර­යේදී වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් අග­මැ­ති­ව­රිය මේ බව කියා සිටි­යාය. අනා­ගත දරු පර­පුර භාර ගැනී­මට සිටින මෙම විද්‍යා­පීඨ ගුරු­ව­රුන්ට උපාධි පිරි­නැ­මී­මේදී එක්ව­රම සිදු කළ නොහැකි බවත් ඉතාම ක්‍රමා­නු­කූ­ලව විද්‍යා­පීඨ මඟින් උපාධි පිරි­නැ­මීමේ ක්‍රම­වේ­ද­යක් ස්ථාපිත කළ යුතු බවත් අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

ගුණා­ත්මක බව තහ­වුරු කරන උපා­ධි­යක් විද්‍යා­පීඨ මඟින් ලබා­දීම සඳහා රජය පිය­වර ගන්නා බවත් කාල­යට ගැළ­පෙන ගුරු­ව­ර­යකු නිර්මා­ණය කළ හැකි ආකා­ර­යට විද්‍යා­පීඨ පද්ධ­තිය වෙනස් කරන බවත් අග­මැ­ති­ව­රිය කියා සිටි­යාය.

විද්‍යා­පී­ඨ­යන්හි විෂය මාලාව ඇතුළු කිසිදු දෙයක් කාල­යක් තිස්සේ වෙනස් වී නොමැති බවත් මේ වසර තුළ විෂය මාලාව සමා­ලෝ­ච­නය කර යෝජිත අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ගැළ­පෙන අයු­රින් විෂ­ය­මා­ලාව සංශෝ­ධ­නය කරන බවත් අග­මැ­ති­ව­රිය පැව­සු­වාය.

සියලු ගුරු­ව­රුන් උපා­ධි­ධා­රීන් විය යුතු බව රජයේ ප්‍රති­ප­ත්තිය යැයි ද අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )