වසර 12කට පසු පිපෙන නෙළුව මල්

වසර 12කට පසු පිපෙන නෙළුව මල්

වසර 12කට වරක් පිපෙන ඇන්තෝ­නි­යස් කුල­යට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවා­ඩු­වත් සමඟ හෝර්ට­න්තැ­න්නට විශාල පිරි­සක් පැමිණි බව හෝර්ට­න්තැන්න ජාතික වන උද්‍යා­නයේ උද්‍යාන භාර­කරු සිසිර රත්නා­යක මහතා පැව­සීය.

නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7ත් 12ත් අතර කාල­ය­කදී වර්ධ­නය වී මල් හට ගන්නා අතර, නෙළුව ශාකය විනාශ වී යන නිසා මවු මරා උපන් මල ලෙස ද බොහෝ පරි­ස­ර­වේ­දීහු මේ මල හඳු­න්වති.

මෙරට නෙළුව විශේෂ 35ක් පමණ වාර්තා වන බවත්, එයින් විශේෂ 30ක් පමණ මෙර­ටට ආවේ­ණික බවත්, හෝර්ටන් තැන්න, පට්ටි­පොළ, ඔහිය, කිරි­ග­ත්පොත්ත, තොටු­පො­ළ­කන්ද ආදි ප්‍රදේ­ශ­වල බහු­ලව මේ දින­වල නෙළුව මල් පීපි ඇති ආකා­ර­යත් එහි සංචා­රය කළ අපට දැක ගත හැකි විණි.

මේ දින­වල හෝර්ට­න්තැන්න ජාතික වන උද්‍යා­නයේ කලාප කිහි­ප­ය­කම සුදු, නිල්, දම් සහ රෝස ඇතුළු වර්ණ කිහි­ප­ය­කින්ම නෙළුව මල් පිපී තිබේ.

2013දී මේ ආකා­ර­යට නෙළුව මල් හෝර්ට­න්තැන්න ජාතික වන උද්‍යා­නයේ පිපී තිබු බවත්, යළිත් 2037දී මේ මල් හට ගන්නා බවත් පරි­ස­ර­වේ­දීහු කියා සිටිති.

හෝර්ට­න්තැන්න උද්භිද උද්‍යා­න­යට දේශීය සංචා­ර­ක­යන් විශාල පිරි­සක් පැමි­ණීම හේතු­වෙන් පට්ටි­පොළ හෝර්ට­න්තැන්න මාර්ගයේ දැඩි රථ­වා­හන තද­බ­ද­යක් පව­තින නිසා එය පාල­නය කිරී­මට පොලිස් නිල­ධා­රීන් රාජ­කාරි සඳහා යෙද වූ බව පට්ටි­පොළ පොලී­සියේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනිල් ජය­සිංහ මහතා පැව­සීය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )