පොලීසියෙන් අනතුරු ඇඟවීමක්.!

පොලීසියෙන් අනතුරු ඇඟවීමක්.!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය සඳහන් කරයි.

එම පණිවුඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවත් එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කරයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )