RE/MAX Sri Lanka අලුත් වෙමින්, නව ගමනක…

RE/MAX Sri Lanka අලුත් වෙමින්, නව ගමනක…

ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කරමින්, RE/MAX Sri Lanka සමාගම සිය නායකත්වය යටතේ නවෝත්පාදන සපිරි විශිෂ්ටත්වයේ ගමනක් ආරම්භ කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු විශේෂ RE/MAX Sri Lanka 2.0 උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. මෙම අද්විතීය පරිවර්තනීය අවස්ථාවත් සමඟින් RE/MAX Sri Lanka සමාගම මිටත් වඩා ජවසම්පන්න ලෙස වෙළෙඳපොළ වෙත අවතීර්ණ වීමට අරමුණු කරයි.

2013 වසරේ දී මෙරට ස්ථාපිත RE/MAX Sri Lanka සමාගමේ ශාඛා කාර්යාල හතරක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර, එමගින් රට පුරා නිවාස ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සුවිශේෂී සේවාවක් ලබා දීමට එම සමාගම කටයුතු කරයි. රජීෆ් කෝනේෂ්වරන්, ශසීවන් ගනේෂානන්දන් සහ සජීව් එඩ්වඩ් යන මහත්වරුන්ගේ නව නායකත්වය යටතේ සුවිශේෂී වර්ධනයක් සමඟින් සාර්ථකව ක්‍රියාත්මක වන RE/MAX Sri Lanka සමාගම සිය නියෝජිතයින්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම, පාරිභෝගික තෘප්තිමත්භාවය තහවුරු කිරීම සහ වෙළෙඳපොළ පුළුල් කර ගැනීම යන අරමුණු කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.

1973 දී ආරම්භ කරන ලද, RE/MAX යනු ප්‍රමුඛ පෙළේ ගෝලීය දේපළ වෙළඳාම් සමාගමක් වන අතර, ෆ්‍රැන්චයිස් ආකෘතියක් මත ක්‍රියාත්මක වන එම සමාගම ස්වාධීන නියෝජිතයන් සහ තැරැව්කරුවන් සවි බල ගන්වමින් පූර්ණ වශයෙන් නිදහස් ආයතනික ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වේ. සිය නියෝජිතයින්ගේ සංවර්ධනය වෙත මූලික අවධානයක් යොමු කරන RE/MAX සමාගම, ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීම, විශිෂ්ටත්වය හා වෘත්තීයමය භාවය වර්ධනය කිරීම සහ පාරිභෝගික තෘප්තිමත් භාවය තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් ප්‍රජා සංවර්ධනය වෙත අවධානය යොමු කරන RE/MAX Sri Lanka සමාගම නවතම තාක්‍ෂණික මෙවලම්වලින් සිය නියෝජිතයන් සන්නද්ධ කිරීමට කටයුතු කර ඇති අතර, එමඟින් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, විශ්වාසයෙන් සහ ප්‍රවීණත්වයෙන් සපිරි ගෝලීය මට්ටමේ සේවාවක් ලබා දීමට අරමුණු කරයි.

දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය ආශ්‍රිතව දශක දෙකක පළපුරුද්දක් සහිත RE/MAX Sri Lanka සමාගම, ශාඛා කාර්‍යාල කිහිපයකින් සමන්විත බහු කාර්යාලයීය තැරැව්කාර ආයතනයක් බවට පත් කිරීමට තැරැව්කරුවකු මෙන් ම RE/MAX හිමිකරුවෙකු වන රජීෆ් කෝනේස්වරන් මහතා සමත් විය. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ නව අවස්ථා ගවේෂණය කිරීමට මෙන් ම අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට ඔහු සතු හැකියාව හා කැපවීම නිසා ම මෙම ජයග්‍රාහී නව පරිච්ඡේදය වෙත RE/MAX Sri Lanka සමාගම මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබුණු බව පැවසිය යුතු ම ය.

ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත තාක්ෂණික හා ව්‍යාපාරික ක්‍රියාවලි සේවා සපයන විශේෂඥයකු වන ශසීවන් ගනේෂානන්දන් සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය ආශ්‍රිතව අලෙවිකරණ, හවුල්කාරිත්ව, තාක්ෂණික සහ පර්යේෂණ යන අංශවල විශේෂඥතාවක් සහිත සජීව් එඩ්වඩ් යන මහත්වරුන්ගේ එක් වීම ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කිරීමට ප්‍රබලතම සාධකයක් වනු ඇති බව පැවසිය හැකිය.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් RE/MAX Sri Lanka සමාගමේ නව නායකත්වය කියා සිටියේ, “අපගේ වර්තමාන සහ අනාගත බලයලත් කාර්යාල පද්ධතිය අඛණ්ඩ ව වැඩිදියුණු කරමින්, නවෝත්පාදනවලින් සහ සහයෝගීතාවෙන් සමන්විත ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් RE/MAX Sri Lanka අපි නිරන්තරයෙන් කැප වෙනවා. නව්‍යතාවෙන් සහ ශක්තියෙන් අනූන අපගේ දැක්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඵලදායී ලෙස දායක වීම වගේ ම අපගේ සියලු ම පාර්ශ්වකරුවන් වෙත විශ්වසනීය සහ ගුණාත්මක සේවාවක් ලබා දීමත් අරමුණු කරනවා. RE/MAX Sri Lanka සමාගමේ සාර්ථකත්වයේ කතාවේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප හා එක් වන ලෙස අපි සියලු ම සංවර්ධකයින්ට, ව්‍යාපාරවලට, ආයෝජකයින්ට සහ මහජනතාවට ආරාධනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.

www.remax.lk වෙත පිවිසීමෙන් හෝ 0117001700 ඇමතීමෙන් RE/MAX Sri Lanka පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙන් ම එම සමාගම සමඟ සම්බන්ධ වීමට හැකියාව පවතී. එමෙන් ම තමා සතු දේශීය මෙන් ම ගෝලීය විශේෂඥතාව උපයෝගී කර ගනිමින්, RE/MAX Sri Lanka ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය විප්ලවයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටී.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )