ආචාර්ය රාම් මහාදේව් ලංකාවේ සංචාරයක

ආචාර්ය රාම් මහාදේව් ලංකාවේ සංචාරයක

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉංදියා පදනමේ (Indian Foundation ) සභාපති ආචාර්ය රාම් මහාදේව් මහතා බානගල උපතිස්ස මහ නාහිමියෝ බැහැ දකී.

ආචාර්ය මහාදේව් මහතා (Dr.Ram Madhav) ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජාතික මහලේකම්වරයා ලෙස 2014-20 කාලය තුළ කටයුතු කර ඇති අතර ප්‍රබල දේශපාලනඥයෙක්, සමාජ නායකයෙක්, ලේඛකයෙක් සහ චින්තකයෙකු ලෙස හැඳින්විය හැක.

ආගමික, සංස්කෘතික හා විවිධ ගැටුම්කාරිත්වයන් පිළිබඳ සමුළු රැසක බානගල උපතිස්ස නා හිමියන් හා කටයුතු කළ ආචාර්ය මහාදේව් පසුගියදා (20) සපුගස්කන්ද අබේසේකරාරාමයට පැමිණ බානගල උපතිස්ස නාහිමියන් හමු වී එහි ස්ථාපිත යොෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන් සමග සුහද හමුවකට ද එක්විය.

මෙහි දී බානගල නාහිමියන්ගේ චරිතය අළලා ඉංදීයවේ ශකීල් සිද්දිකි මහතා රචිත “අංජලිකරණීයෝ” ග්‍රන්ථයේ පිටපතක් සමරු තිළිණයක් ලෙස උන්වහන්සේ රාම් මහාදේව් මහතාට පිරිනමනු ලැබූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )