පිරමිඩ් විල්මා සමාගම 20-වසරක ප්‍රගතිශීලී හවුල්කාරිත්වයන් සමරයි

පිරමිඩ් විල්මා සමාගම 20-වසරක ප්‍රගතිශීලී හවුල්කාරිත්වයන් සමරයි

මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා දියත් කළේය. 2005 වසරේදී ස්ථාපනය කරන ලද පිරමිඩ් විල්මා සමාගම, පිරමිඩ් ඔයිල් මිල්ස් සහ 1991 වසරේ සිංගප්පුරුවේ ස්ථාපිත කරන ලද විල්මා ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරයකි. විල්මා යනු, ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක 1,000 කට අධික නිෂ්පාදන කර්මාන්තශාලා ප්‍රමාණයක් සහිත, ආසියාවේ ප්‍රමුඛතම කෘෂි-ව්‍යාපාර සමූහයයි. එය, පාම් සහ ලෝරික් තෙල් පිරිසැකසුම් සහ වෙළඳාම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන අතර, පිටි සහ සහල් ඇඹරුම් වෙළඳපොළේ ද පෙරමුණේ සිටියි. තවද, එම සමාගම ලොව අමිශ්‍ර සීනි නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් අතර පළමු සමාගම් දහය අතර රැඳී සිටී.

දිවයින පුරා පැවැත්වීමට නියමිත ChefsHunt වැඩසටහන යටතේ, ඉවුම්-පිහුම් ක්ෂේත්‍රය පිළිබඳ ඇල්මක් දක්වන 25-දෙනෙකු හට, M W Institute of Culinary Arts ආයතනයේදී NVQ 4 වැනි සුදුසුකම ලබා ගැනීමට හැකි ශිෂ්‍යත්ව වැඩසටහන් පිරිනැමීමට නියමිතය. +94 770500500 යන ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් මෙම වැඩසටහන සඳහා ඇතුළත් විය හැකිය.

මෙරට ආහාර ක්ෂේත්‍රයේ පෙරමුණ හිමිකර දී ඇති ක්‍රමෝපායික හවුල්කාරිත්ව හරහා ගොඩනැගුණු, පුළුල් පරාසයක ව්‍යාපාරික ක්ෂේත්‍ර රැසක් පිරමිඩ් විල්මා සමාගම සතුව පවතී. “දශක දෙකක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වය ලබා දෙමින්, එහි සම්පත් පෝෂණය කරමින් මෙන්ම, එහි ජනතාව සවිබල ගන්වමින් රට පුරා ඉතා සමීපව අප කටයුතුකර තිබෙනවා. සාම්ප්‍රදායික ව්‍යාපාරික මානසිකත්වයෙන් ඔබ්බට යමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම, වඩාත් යහපත් සහ සුබදායී අනාගතයක් ගොඩනැගීම අපගේ අරමුණයි. ලංකාවේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගමක් ලෙස පිරමිඩ් විල්මා සමාගම, ප්‍රගතිශීලී හවුල්කාරිත්වයන්, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම හරහා ගුණාත්මකභාවය තහවුරු කිරීමට නිබඳව කැප වනවා. එමගින්, මෙරට තුළ අප ඇතිකරන ධනාත්මක බලපෑම උපරිම කිරීමටත්, තිරසාර පදනමක් මත අනාගත පරපුරේ යහපත වෙනුවෙන් සහයෝගය ලබා දීමටත් අප කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉදිරියටත් කැපවන අතරම, ඉදිරි වසර කිහිපය තුළ අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා,” යනුවෙන් පිරමිඩ් විල්මා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් මහතා සඳහන් කළේය.

“වැවිලි කර්මාන්තයේ සිට පිරිසැකසුම් සහ සැපයුම් ක්ෂේත්‍ර දක්වා අපගේ ඉලක්කය වන්නේ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ඔසවා තැබීම සඳහා, සැපයුම් දාමයේ සෑම පියවරකදීම මෙහෙයුම් ඒකාබද්ධතාව තහවුරු කිරීමයි,” යනුවෙන් පිරමිඩ් විල්මා සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තන්වීර් සිද්දික් මහතා පැහැදිලි කළේය. “හොඳින් ඒකාබද්ධ වූ සැපයුම් දාමයක් සහ ක්‍රමෝපායික ආයෝජන හරහා, අප සමාගම, දේශීය ආහාර කර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක්කර තිබෙනවා. මෙසේ සමරන්නේ, අපගේ ගමන්මගේ අප සමග රැඳී සිටි, විවිධ පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගත් ප්‍රගතිශීලී හවුල්කාරිත්වයන්වල වසර 20ක සාර්ථකත්වයයි. පිරමිඩ් විල්මා සමූහයේ සෘජු හා වක්‍ර කාර්යමණ්ඩල සාමාජිකයින්, අපගේ සාර්ථකත්වයේ පදනමයි. තිරසර වර්ධනය සහ ගුණාත්මකබව පවත්වාගෙන යාම, පිරමිඩ් විල්මා සමූහයේ ජීවනාලියයි.”

“වසර 50 කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපගේ Masterline නිෂ්පාදන පෙළ, බේකරි නිෂ්පාදන, විශේෂ මේද සහ මාගරීන් ආදී ශ්‍රී ලාංකේය ආහාර ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන රැසකින් සමන්විත වනවා,” සිද්දික් මහතා සඳහන් කළේය. “ඊට අමතරව, Fortune කුකිං ඔයිල්, සෝයා, බාස්මති සහල්, අයිසිං සීනි, එළවළු මේද, MeadowLea ෆැට් ස්ප්‍රෙඩ් සහ Fondré ප්‍රිමියම් ෆැට් ස්ප්‍රෙඩ් නිෂ්පාදන පෙළ ද, අඛණ්ඩව මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් පිටත මෙඩෝලී නිෂ්පාදනය කරන එකම රට ශ්‍රී ලංකාව බවත්, එමගින් දේශීය වෙළෙඳපොළ තුළ ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් අප දක්වන කැපවීම මනාව පිළිබිඹු වන බවත් සඳහන් කිරීමට මා කැමතියි.”

පිරමිඩ් විල්මා සමාගම, GMP; HACCP; FSSC 22000; ISO 22000; HAC; ISO 14001; ISO 45001; ASI සහ ISO 9001 ආදී ගෝලීය සහ දේශීය ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට පිරිනමන සමාගමකි.

“ඉදිරි දශක තුළ ශ්‍රී ලාංකේය ආර්ථිකයට දක්වන දායකත්වය තවත් වර්ධනය කරමින් නව හවුල්කාරිත්ව ඇතිකර ගැනීමටත්, දැනට පවතින හවුල්කාරිත්ව තවදුරටත් ශක්තිමත්කර ගැනීමටත් අප අපේක්ෂා කරනවා,” යනුවෙන් මවුසූන් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )