
රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය (e-GP) ශක්තිමත් කිරීම සඳහා Promise.lk සහ RainbowPages.lk අත්වැල් බැඳගනී
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL සමූහ ව්‍යාපාරය යටතේ පවතින Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. RainbowPages.lk සමග එක් වී Promise.lk වෙබ් අඩවිය හරහා රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය [e-Government Procurement (e-GP) system] වඩාත් කාර්යක්ෂම කිරීම එහි මූලික අරමුණයි.
මේ යටතේ සැපයුම්කරුවන් සමග සම්බන්ධ වීමට ඇති අවස්ථා පුළුල් කිරීම, සැපයුම්කරුවන්ගේ තොරතුරුවල සත්‍යතාව තහවුරු කිරීම සහ දත්තවල නිරවද්‍යතාව වැඩිදියුණු කිරීම වැනි කරුණු කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කෙරේ. මෙමගින් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් වැඩි විනිවිදභාවයකින් යුත්, විශ්වාසනීය සහ වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහනක් වන Promise.lk, නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා දරනු ලබන උත්සාහයකි. එමෙන්ම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකෙන, SLT-MOBITEL සමූහ ව්‍යාපාරය මගින් මෙහෙයවනු ලබන RainbowPages.lk, මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශවල අවශ්‍යතා සඳහා සැපයුම්කරුවන් සොයාගත හැකි විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකේ.
මෙම එකඟතාව යටතේ RainbowPages.lk හි ලැයිස්තුගත වී ඇති තහවුරු කරන ලද සැපයුම්කරුවන් පිළිබඳ දත්ත Promise.lk සමග ඒකාබද්ධ කිරීමට නියමිතය. එමගින් නිසි ප්‍රමිතීන් සපුරා ඇති සැපයුම්කරුවන් රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කරන බව සහතික කරගත හැකි වේ. මේ ආකාරයට ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සරල කිරීම සහ සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරුවල නිරවද්‍යතාව සහතික කිරීම මගින්, ආයතනික යහපාලනය ශක්තිමත් කිරීමටත්, සාධාරණ තරගකාරීත්වය දිරිමත් කිරීමටත්, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විශ්වාසනීය ක්‍රියාවලියක් බවට පත්කිරීමටත් හැකි වනු නිසැකය.
මෙම වැඩපිළිවෙළ යටතේ RainbowPages.lk හි පවතින දත්ත Promise.lk සමග ඒකාබද්ධ කිරීම සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇත. එම දෙපාර්තමේන්තුව විසින් දත්ත හුවමාරුව සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ ස්ථාපිත කිරීම, විකුණුම්කරුවන්ගේ තොරතුරුවල අඛණ්ඩතාව හා ආරක්ෂාව තහවුරු කිරීම සහ, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු වරින් වර පරීක්ෂා කර තහවුරු කිරීම සඳහා SLT-SERVICES වෙත අතුරු මුහුණතක් (Interface) ලබාදීම යනාදිය සිදුකිරීමට නියමිතය. ඊට අමතරව Promise.lk හරහා මෙම හවුල්කාරීත්වය පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙමින්, රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් ලෙස RainbowPages.lk හි ලියාපදිංචි වීමේ වැදගත්කම පෙන්වා දීමටද රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
Promise.lk වෙත තොරතුරු ඇතුළත් කරනු ලැබීමට පෙර ව්‍යාපාරවල හා සැපයුම්කරුවන්ගේ දත්තවල නිරවද්‍යතාව තහවුරු කරගැනීමට SLT-SERVICES කටයුතු කරනු ඇති අතර, එමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය තහවුරු වේ. තවද මෙම දත්තවල නිරවද්‍යතාව කලින් කලට තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීමටද SLT-SERVICES බලාපොරොත්තු වෙයි. මෙමගින් දත්තවල ආරක්ෂාව පිළිබඳ නීති හා රෙගුලාසිවලට අනුගත වෙමින්, ඉහළ ප්‍රමිතියකින් යුත් සැපයුම්කරු දත්ත ගබඩාවක් පවත්වා ගැනීමට හැකි වනු ඇත.
රජයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා සුරක්ෂිත හා විශ්වාසනීය සැපයුම්කරු දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීම සඳහා RainbowPages.lk තුළ භාවිතා වන ක්‍රමවේදයන් Promise.lk සමග ඒකාබද්ධ කිරීම මගින් ව්‍යාපාරිකයන්ට හා සමාගම්වලට රාජ්‍ය අංශයේ ව්‍යාපෘති හා ප්‍රසම්පාදන කටයුතුවලට ඉදිරිපත් වීමට ඇති අවස්ථා සහ එම ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු වනු ඇත.
“රජයේ ප්‍රසම්පාදන කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන අතරම සැපයුම්කරුවන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම අපගේ ඉලක්කයයි. RainbowPages.lk සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සුවිශාල වටිනාකමක් එක්කරනු ඇතැයි කියා අප සිතනවා.” රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල මහතා පැවසීය.
“රජයේ ඩිජිටල් වැඩසටහන්වලට සහය දැක්වීම සඳහා SLT-SERVICES සූදානමින් සිටිනවා. ව්‍යාපාර නාමාවලි කළමනාකරණය සහ සැපයුම්කරුවන්ගේ තොරතුරු තහවුරු කරගැනීම සම්බන්ධයෙන් අප සතු විශේෂඥ දැනුම හා පළපුරුද්ද, Promise.lk වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමට සහ රට තුළ කාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගොඩනැංවීමට උපකාරී වේවි.” SLT-SERVICES ප්‍රධාන නිලධාරී (ඩිජිටල් සේවා) උපුල් මංචනායක මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ හේතුවෙන් RainbowPages.lk හි ලියාපදිංචි කර ඇති ව්‍යාපාරවලට Promise.lk හරහා අවස්ථා රාශියක් උදා වනු ඇති අතර, ඔවුන්ට වඩාත් කාර්යක්ෂම ලෙස රජයේ ටෙන්ඩර්වලට ඉදිරිපත් වීමට හැකි වනු ඇත. එමෙන්ම මෙමගින් වඩාත් නිවැරදි හා තහවුරු කරන ලද සැපයුම්කරු පදනමක් සමග ගනුදෙනු කිරීමට හැකි වන නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු වීම රජයේ ආයතනවලටද බෙහෙවින් වාසිදායක වේ. මෙම අවබෝධතා ගිවිසුම දත්ත විශ්ලේෂණය, ප්‍රසම්පාදන තොරතුරු සහ ඩිජිටල් වෙළඳපොළ සේවාවන් යනාදියට අදාළ අනාගත සහයෝගීතාවන් සඳහාද අගනා වේදිකාවක් බවට පත් වනු නිසැකය.
වැඩිදුර තොරතුරු සඳහා www.promise.lk සහ www.rainbowpages.lk වෙත පිවිසෙන්න.