ගොවියා සමාජ වියදමට සරිලන වී මිලක් ඉල්ලන එක වැරදියි…!

ගොවියා සමාජ වියදමට සරිලන වී මිලක් ඉල්ලන එක වැරදියි…!

ගොවියාගේ වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් තම ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

වේළුණු වී කිලෝව රු. 120 බැගින් මිලට ගන්නා බවත් ඇතැමුන් ප්‍රකාශ කළ ද එවිට ජනතාවට සහල් ලබා දෙන්නේ කුමන මිලකට දැයි ඔහු ප්‍රශ්න කරයි.

ගොවියාගේ වී නිෂ්පාදන වියදම සහ ඔහුගේ සමාජ වියදම දෙකක් බවත් ඒ දෙකම පදනම් කරගෙන මිල නියම කළ නොහැකි බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

තමන් හැමදාම සටන් කළේ වී නිෂ්පාදන වියදමට සාධාරණ මිලක් ගැනීමට බව ද ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

කවුඩුල්ල ගොවි ජනපද වී ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )