
යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි
ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (15) රුසියාවට හා යුක්රේනයට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම ඉතා අපේක්ෂා සහගත දිනයක් වනු ඇතැයිද බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඊයේ ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අගමැති නිල නිවෙසේදී යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡාවක නිරතවිමෙන් පසු ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර එක්සත්භාවය විදහා දැක්වූ සාකච්ඡාවක නිරතවූ බවය. එම සාකච්ඡාවට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර යුක්රේන අර්බුදය සහ රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාව සම්බන්ධව සංවාදයක් සිදුවූ බව ද වාර්තා වේ.