ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ

ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ

තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අනුරගෝගමක් හැදෙන්නේ නෑ. ඒක හදනවා නම් හදන්න ඕන දේශපාලකයෝ නෙමෙයි, ජනතාව. ජනතාව පලයන් කියනවා නම් අනුර සහෝදරයා එක තප්පරයක්වත් ඉන්නේ නෑ. අපි කවුරුවත් එක තප්පරයක් ඉන්නේ නෑ. අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි.

අපට රටක් ලැබුණේ හොරකම් කළ එවුන්ට දඬුවම් දෙන්න නම්, ඒක නොකරන එක නේ වරද. ජනතාව අපට විරුද්ධව ගෝඨාගෝ ගම වගේ එකක් හදන්න ඕන අන්න එදාට. උඹලා හොරු ආරක්ෂා කළා. උඹලා හොරකම් කළ අය නීතිය ඉස්සරහට ගෙනාවේ නෑ. පාතාළේ නැවැත්තුවේ නෑ. කුඩු නැවැත්තුවේ නෑ. අපරාධ නැවැත්තුවේ නෑ. මේ රටේ ආර්ථිකය හැදුවේ නෑ. අන්න එදාට සාධාරණයි. මේ යන්නේ ආටිෆිෂල් වැඩක් නෙ.

පැල්වත්තේ සෙවනගල උක් ගොවීන්ට මාස දෙකකට මුදල් දුන්නේ නෑ කියලා එතනත් ගමක් හදන්න හැදුවා.”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )