පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!

පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සඳහන් කරයි.

පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන් ඇති නමුත් අද ඔවුන්ට බලය නොමැති බවත් එනිසා පාතාලය එක්ක දේශපාලනය ක්‍රියාත්මක කිරීමට ඔවුනට නොහැකි වී ඇති බවද ලේකම් රවී සෙනෙවිරත්න සඳහන් කරයි.

අද වනවිට පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක් බවත් පාතාලය සමග දූෂණය බැදී තිබෙන බවත් එතන පොලිස් නිලධාරීන් සිටින බවද ලේකම් රවී සෙනෙවිරත්න සඳහන් කරයි.

මාතර පැවති වැඩමුළුවකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මේ බව සඳහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )