නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීම ප්‍රමාණවත් නෑ.!

නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීම ප්‍රමාණවත් නෑ.!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පසුගියදා තීරණය කළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව ඔහුට එරෙහිව පැවැත්වූ විනය පරීක්ෂණයෙන් ඔහු වරදකරු වීම හේතුවෙන්.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන, සිය රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් 2023 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහුට චෝදනා පත්‍රයක් නිකුත් කිරීමට ද තීරණය කළා.

එම චෝදනා පත්‍රයට අදාළව නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ අතර, ඊට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව පසුගිය 04 වැනිදා පොලිස් කොමිසම වෙත යොමු කර තිබුණා.

ඒ අනුවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන චෝදනා පත්‍රයේ සඳහන් සියලූ‍ චෝදනා සඳහා වැරදිකරු බව, පසුගිය 17 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත්තේ.

කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබද විනය ක්‍රියාමාර්ගවලින් ඔබ්බට ගොස් අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )