
මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයේ දී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට දීර්ඝායුෂ පැතීමේ පිංකමක්
ඉංදීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සභාපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ පුණ්‍යකර්ම උත්සවයක් පසුගිය දා මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දි පැවැත් වුණි.
මෙහිදී විශේෂ අග්‍රශාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් හා ධාතු වන්දනා පින්කමක් ද පැවතුණි.
එම පිංකම් අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහා කොමසාරිස් සුශීල් ඩොබ්හාල් මහතා (Sushil Dobhal) ද කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහචාර්ය අන්කුරන් දත්තා මහතා ද ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.
CATEGORIES විදෙස් පුවත්