පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන හෙට සාකච්ඡාවක්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන හෙට සාකච්ඡාවක්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් විය.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පසුගියදා මෙම සාකච්ඡා ආරම්භ කෙරුණි.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදුකර ඇත.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහභාගි වී නොමැත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )