වැඩි කරපු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට ලියුමක් යවලා

වැඩි කරපු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට ලියුමක් යවලා

ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා මෑතකදී පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු සඳහන් කළේ ධවල මන්දිරයට ලිපිය ලැබී ඇති බව සනාථ කර ඇති බවයි.

බලපෑම අවම කිරීමේ හැකි ක්‍රම සහ ශ්‍රී ලංකාවට ගත හැකි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා තම ලිපියෙන් ඉස්මතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

තීරුබදු අඩු කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ලිපියෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )