ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් යූ ටියුබ් අලවුඩ් හි සම නිර්මාණකරුවන් වෙයි

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් යූ ටියුබ් අලවුඩ් හි සම නිර්මාණකරුවන් වෙයි

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත.

මෙම මෙවලම යූ ටියුබ් සමාගම අලවුඩ් ලෙස නම් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කුඩා කළ සිටම මිතුරන් බව යූ ටියුබ් සමාගම පවසා ඇත.

ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

එම ගැටලුවට විසඳුමක් ලෙස අලවුඩ් කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දෙන බව යූ ටියුබ් සමාගම පවසා ඇත.

මෙම මෙවලම මගින් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලැබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )