අද රාත්‍රියෙන් පසු සා. පෙළ ටියුෂන් – සම්මන්ත්‍රණ තහනම්

අද රාත්‍රියෙන් පසු සා. පෙළ ටියුෂන් – සම්මන්ත්‍රණ තහනම්

අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සා.පෙළ විභාගය ලබන සඳුදා (17දා) ආරම්භ කරන අතර එය මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වේ.

උපකාරක පන්ති සංවිධානය කිරීම හා එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශනා, සම්මන්ත්‍රණ, වැඩමුළු, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විiුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම් මේ අනුව තහනම් වේ.

විභාග නියෝග කඩකරන අයකු වේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම තිබෙන පොලිසිය හෝ පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, විභාග දෙපාර්තමේන්තුවේ 0112784208/0112784537 අංක වෙත පැමිණිලි කළ හැක.

චමින්ද සිල්වා

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )